Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2022 19:01:17 Hours

121 වන බලසේනාව නිෂ්පාදනය කල කාබනික පොහොර ලක් පොහොර සමාගමට භාරදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ටොන් 60 ක තොගයක් ඉකුත් සඳුදා (21) දින ලක්පොහොර සමාගම වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

කුඹුක්කන පිහිටි 121 බලසේනා මූලස්ථානය විසින් නිෂ්පාදනය කල මෙම පොහොර තොගය රජයේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන හරහා බෙදාදීම සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ලංකා අමරපාල විසින් ලක්පොහොර සමාගමේ ප්‍රාදේශිය කළමනාකරු එච්.එම්. සමන්ත මහතා වෙත නිල වශයෙන් භාරදුන්නේය.

එම අවස්ථාවට 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.යූ.එන්. සේරසිංහ, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.