Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2022 20:34:23 Hours

ප්‍රායෝගික වෙඩි තැබීමේ තරඟාවලියෙන් යුද්ධ හමුදා වෙඩික්කරුවන්ට පදක්කම් රැසක්

‘ජාත්‍යාන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය’ (IPSC) මගින් ඉකුත් 17 දින සිට 20 දින දක්වා සංවිධානය කරන ලද ‘විවෘත පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය - 2022’ හි ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය ඉරිදා (20) දින පානළුව වෙඩි පිටියේදී පැවැත්විණි.  

කනිෂ්ඨ, යොවුන්, ජ්‍යෙෂ්ඨ සහ සුපිරි ජ්‍යෙෂ්ඨ වශයෙන් ඛාණ්ඩ හතරක් යටතේ පැවති මෙම වෙඩි තැබීමේ තරඟාවලියට යුද්ධ, නාවික සහ ගුවන් හමුදාව ඇතුළු වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 15 ක් නියෝජනය කරමින් වෙඩික්කරුවන් 201 දෙනෙකු සහභාගි වූහ.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන් විසින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 10 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, ගුවන් හමුදාව විසින් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 1 ක් සහ එක් ලෝකඩ පදක්කමක්ද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රන් පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3 ක්ද දිනාගැනීමට සමත් වූහ.

විවෘත අංශය (Open Division), ස්ටෑන්ඩර්ට් අංශය (Standard Division), ප්‍රඩක්‍ෂන් අංශය (Production Division ), ප්‍රඩක්‍ෂන් ඔප්ටිකල් අංශය (Production Optical Division ) යටතේ මෙම තරඟ පවත්වන ලදී.