24th March 2022 20:27:34 Hours
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ‘ගෙවතු වගාව සහ කාබනික පොහොර නිෂ්පාදනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් රාගම කිතුනු දේවස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පැවැත්විණි.
රාගම කිතුනු දේවස්ථානයේ පියතුමන්ලාගේ ඉල්ලීමකට අනුව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා 150 කට අධික පිරිසක් සහභාගි වු අතර යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II මේජර් ඒ.එම්. අමරතුංග සහ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ දෙවන අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ටී.යූ. පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙහෙයවීම මත වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශාන්ති අබේසේකර මහත්මියද මෙම වැඩසටහනට සහභාගී වූහ.
මෙම වැඩසටහනේදී ගෙවතු වගාව සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැදගත්කම පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලද අතර වැඩසටහන අවසානයේ ඊට සහභාගී වූ සියලුදෙනාට අඹ පැළය බැගින් බෙදාදෙන ලදී.