21st March 2022 20:51:12 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ලංකා අමරපාල පසුගිය ඉරිදා (20) දින හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
සේනාංක මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමූහ. අනතුරුව කාර්යාලය වෙත පැමිණි බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.
ඉන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් නව තනතුරේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එතුමන් නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට 121 සහ 122 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 12 වන සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගි වූහ.
බ්‍රිගේඩියර් ලංකා අමරපාල නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ධූරය හොබවනු ලැබීය.