21st March 2022 20:51:13 Hours
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ‘ජාතික කිලෝමීටර් 10 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2022’ බලපිටිය වෙරළ තීරයේදී පැවති අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය අඛණ්ඩව 4 වන වරටත් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සමත්වූහ.
මෙවර තරඟාවලිය සඳහා දීප ව්‍යාප්ත ක්‍රීඩා සමාජ 8 ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 72 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූහ. එහිදී, යුද්ධ හමුදා පිරිමි පිහිනුම් කණ්ඩායම තරඟ ඉසව් 20 කින් 17ක ජය හිමිකරගැනීමට සමත්වූහ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ සියළු යුද්ධ හමුදා ක්‍රීඩකයින් දිරිමත් කිරීමට කටයුතු කරන ලදී.
තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;
6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ටී.එච්.කේ.එස්.අයි. ද සිල්වා - රිදී පදක්කම
3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස්. අබේසිංහ - ලෝකඩ පදක්කම