Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2022 20:37:59 Hours

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රොහාන් පොන්නම්පෙරුම සඳුදා (14) දින රාජකාරි ආරම්භ කළේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් රොහාන් පොන්නම්පෙරුම වෙත 6 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමනු ලැබූහ. පසුව, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් නව සේනාංකාධිපතිතුමන් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කාර්යාලය වෙත කැටුව යන ලදී.

ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ බ්‍රිගේඩියර් රොහාන් පොන්නම්පෙරුම එම සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ බ්‍රිගේඩියර් රොහාන් පොන්නම්පෙරුම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළුනිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම උත්සව අවස්ථාව සඳහා 681, 682 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 68 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරින් මෙන්ම සෙසුනිලයන් ද සහභාගී වූහ.