21st March 2022 20:28:48 Hours
කොළඹ යුද්ධ හමුදා රෝහලේ උගුර, කන, නාසය සම්බන්ධ ඒකකයේ දැනට අක්‍රීය තත්ත්වයේ පවතින Pure Tone Audiometer යන්ත්‍රය වෙනුවෙන් නව යන්ත්‍රයක් එම ඒකකය වෙත පසුගිය දා හිමිවිය.
කපිතන් කවීන්ද්‍ර දසනායක සහ ඔහුගේ හිතවතුන්ගෙන් ලද මූල්‍යමය දායකත්වය මත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබූ අතර inter-acoustics AD226 audiometer යන්ත්‍රය මිලදී ගැනීම සඳහා රුපියල් 985,000/= ක පිරිවැයක් දැරීමට සිදුවිය. මෙම යන්ත්‍රය ලැප්ටොප් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍ර සහිත ශ්‍රව්‍ය මීටරයක් ඇතුළු සියළුම උපාංගයන්ගෙන් සමන්විත වේ.
යුද්ධ හමුදා රෝහල වෙනුවෙන් මීට දින කිහිපයකට ප්‍රථම සිදුකරනු ලැබූ මෙම පරිත්‍යාගය බ්‍රිගේඩියර් (වෛද්‍ය) චම්පක අත්තනායක සහ නේවාසික උපදේශක, උගුර, කන, නාසය සම්බන්ධ ශල්‍ය වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) අක්‍රම් ද්‍රහමන් විසින් පිළිගනු ලැබූහ.
මෙම යන්ත්‍රය රෝහල වෙත භාරදීමේ අවස්ථාව සඳහා යන්ත්‍රය සැපයූ ආයතනයේ ජේ.එම්. වික්‍රමආරච්චි මහතා ඇතුළු නියෝජිතයින් කිහිපදෙනෙකු සම්බන්ධ වූ අතර ඔවුන් විසින් එම යන්ත්‍රය එකලස් කිරීමට සහ නිසි ආකාරව භාවිතා කරන පිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීමක් සිදුකිරීමට ද කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවට කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසික උපදේශක වෛද්‍ය ලුතිතන් කර්නල් (වෛද්‍ය) සොහාන් කුරේ ද සහභාගි විය.