Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2022 20:55:40 Hours

‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹේ

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය සහ යුද්ධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ පළමු සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (21) දින උදෑසන ‘new leisure park’ උද්‍යානයේදී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලදී.

මෙම සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් සඳුන් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම සංවත්සර දිනයේදී ගරු පරිසර අමාත්‍යතුමන් විසින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතුවල නිරතව සිටින භටපිරිස් වෙත බෙදාදීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත අඹ පැළ තොගයක් ද භාරදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.

මෙම ව්‍යාපෘතියේ පළමු වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී, අර්ධ නාගරික ප්‍රදේශයන්හී වන රෝපණය කිරීමට සහ යුද්ධ හමුදා මූලස්ථානය අවට ප්‍රදේශය අලංකාර කිරීමට යුද්ධ හමුදාව වෙතින් දක්වන දායකත්වය ද ඇගයීමට ලක්විය.

මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සෙසුනිලයන් සමඟ එක්ව පැමිණ සිටි පිරිසද සඳුන් පැළ සිටුවීමට සිය දායකත්වය දක්වන ලදී.

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ උග්‍ර අවදියේදී ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන එම කාලය තුල සක්‍රීයව සිදුකරීමට නොහැකි විය.