Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2022 07:11:07 Hours

51 වන සේනාංකය වෙතින් පාසල් සිසු සිසුවියන් වෙත පා පැදි බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම සේනාංකයේ අනුග්‍රාහකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සිත්තන්කර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත පාපැදි 10 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (12) දින ක්‍රියාත්මක කරන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම ප්‍රජාමූලික ව්‍යාපෘතිය යටතේ සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් නොමැතිකමින් අපහසුතාවයට පත්ව සිටින පාසල් සිසු සිසුවියනගේ ප්‍රවාහන පහසුකම් සපුරාලීමේ අරමුණින් පා පැදි බෙදාදීම සිදුකරන ලදී.

11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ.පී.සී.කේ. කාරියවසම් ඇතුළු එම ඒකකයේ භටපිරිස් විසින් 513 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධීකරණය මත අනුග්‍රාහක භවතෙකුගේ සහයෝගය ඇතිව සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත සිත්තන්කර්නි ‘Harmony Centre’ ප්‍රජා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ අවශ්‍යතා සහිත පාසල් සිසුන් වෙත පා පැදි බෙදාදෙන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික් සමඟින් ලුතිතන් කර්නල් කේ.පී.සී.කේ. කාරියවසම් සහභාගී විය.

මෙම අවස්ථාවට පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.