15th March 2022 21:59:37 Hours
එළඹෙන යල කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 සේනාංකයේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 68,000 ක් පසුගිය බදාදා (09) දින කෘෂිකාර්මික කටයුතු සඳහා බෙදාහැරීමට ලංකා පොහොර සමාගම වෙත භාරදෙන ලදී.
මෙම පොහොර තොගයේ නිෂ්පාදන කටයුතු 65 සේනාංකය යටතේ ස්ථාපිත 651 බලසේනාවේ භටපිරිස් ඇතුළු ඒ යටතේ ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරුවල සේවයේ නියුතු භටපිරිස්හී සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
65 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි 651 බලසේනාවේ බලසේනාධිපති සමඟ එක්ව මෙම පොහොර තොගය සීමාසහිත ලංකා පොහොර සමාගමේ නියෝජිතයන් වෙත භාරදුන්හ.