16th March 2022 20:37:43 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භටපිරිස් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහකත්වය මත කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්, වැඩිහිටියන් සහ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පෙනීමේ දුර්වලතා පරීක්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (12) දින කිලිනොච්චි පහසුකම් මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ද්‍රශ්‍යාබාධ සහිත ප්‍රදේශවාසී සිවිල් වැසියන් 150 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදෙන ලදී.
571 වන බලසේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි කොමර්ෂල් බැංකුවේ ‘බී.ඩී සෙබස්තියන්’ අධ්‍යාපනික හා පර්යේෂණ මධ්‍යස්ථානය මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්නේය.
අදියර දෙකක් යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මෙම වසරේ ජනවාරි මස ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහිදී, වෛද්‍යවරුන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගම්ලත්, 57 වන සේනාංකයේ සහ 571 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් පැවති කෙටි උත්සවයකදී අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත ඇස් කණ්ණාඩි බෙදාදුන්හ.