Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2022 20:51:17 Hours

ජාතික කනිෂ්ඨ ඔරු පැදීමේ ශූරතාවලිය - 2022 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සහ රිදී පදක්කම් දිනාගනී

දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී දින තුනක් පුරාවට පැවති ජාතික කනිෂ්ඨ ඔරු පැදීමේ ශූරතාවලිය - 2022 තියුණු තරඟ වට කිහිපයකින් අනතුරුව නිමාවට පත්විය.

මෙම ඔරු පැදීමේ තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පාසල් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ 20 ක් සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම රන් පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් කාන්තා අංශයේ කුසලානය යළිත් වරක් දිනාගැනීමට සමත්වූවාය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි අංශයේ ඔරු පැදීමේ කණ්ඩායම රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත්වූහ. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.  

කනිෂ්ඨ ඔරු පැදීමේ කණ්ඩායමේ ජයග්‍රාහකයින්; (පිරිමි)  

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් ඊ.පී.එන්. ප්‍රසාද් (Pair සහ Quadruple Scull ඉසව්) - ප්‍රථම ස්ථානය

3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් පී.ජී.සී.එස්. කරුණාරත්න (Pair ඉසව්ව) - ප්‍රථම ස්ථානය

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ඒ.එස්. හෙට්ටිආරච්චි (Coxed Four ඉසව්ව) - ප්‍රථම ස්ථානය

10 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එල්.අයි.ඒ. මදුසර (Double Skull සහ Quadruple Scull ඉසව්) - දෙවන ස්ථානය

14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස්.එල්. රත්නායක (Coxed Four ඉසව්ව) - ප්‍රථම ස්ථානය

20 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ටී.එච්.බී.එල්. ප්‍රනාන්දු (Quadruple Scull ඉසව්ව) - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ආර්.ඩී.කේ.එස්. වීරසිංහ (Coxed Four ඉසව්ව) - ප්‍රථම ස්ථානය

2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ටී.එස්. කරුණාරත්න (Pair සහ Coxed Four ඉසව්) - දෙවන ස්ථානය සහ ප්‍රථම ස්ථානය

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් යූ.යූ.ආර්. උඩවත්ත (Double Skull ඉසව්ව) - දෙවන ස්ථානය

2 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල ඊ.කේ.එස්. හර්ෂන (Coxed Four සහ Quadruple Skull ඉසව්ව) - ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය

17 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.එම්.ජී.පී. බණ්ඩාර (Pair සහ Coxed Four ඉසව්) - දෙවන ස්ථානය සහ ප්‍රථම ස්ථානය

කනිෂ්ඨ ඔරු පැදීමේ කණ්ඩායමේ ජයග්‍රාහකයින්; (කාන්තා)

4 වන සන්නද්ධ බුද්ධි බලකායේ කපිතන් මහේෂි ලියනගේ (Pair සහ Coxed Four ඉසව්) - ප්‍රථම ස්ථානය

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් පී.පී.ටී.එස්. වීරසිංහ (Pair සහ Coxed Four ඉසව්) - ප්‍රථම ස්ථානය

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සැරයන් එස්.ජී.එස්.කේ. වීරකෝන් (Scull සහ Double Scull ඉසව්) - ප්‍රථම ස්ථානය සහ ප්‍රථම ස්ථානය

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.වී.එස්.එල්. ලක්‍ෂාණි (Coxed Four ඉසව්ව) - ප්‍රථම ස්ථානය

11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ටී.අයි.එස්. මෙන්ඩිස් (Coxed Four ඉසව්ව) - ප්‍රථම ස්ථානය

12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල ජේ.එච්.එස්. වයිනහේනගේ (Scull සහ Double Scull ඉසව්වේ) - තෙවන ස්ථානය සහ ප්‍රථම ස්ථානය