15th March 2022 21:57:37 Hours
රිටි පැනීමේ ඉසව්වේ දෙවන වටය සඳහා තරඟවැදුනු ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් කේ.එල්. සචිනි පෙරේරා මීට පෙර වාර්ථා කර තිබූ මීටර් 3.65 ක ශ්‍රී ලංකා වාර්ථාව බිඳදමමින් මීටර් 3.70 ක නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවමින් එළඹෙන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා තරඟවැදීමට සුදුසුකම් ලැබීය.
නුදුරේදී චීනයේ පැවැත්වීමට නියමිත 2022 ආසියානු මළල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරඟ ඉසව් ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මාර්තු මස 10 – 11 දෙදින තුළ දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.