15th March 2022 22:01:15 Hours
ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මූලස්ථානයේ ප්‍රථම ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ පසුගිය අඟහරුවාදා (8) දින රාජකාරි ආරම්භ කළේය.
එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමමින් ගෞරවාචාරය පුදකරනු ලැබූහ.
ඉන් අනතුරුව, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.