Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2022 17:57:58 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා හේනක් වටලයි

යුද්ධ හමුදා බුද්ධි බලකායේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (04) දින ගෝනගන් ආර ප්‍රදේශයේ නීතී විරෝධී ලෙස වගාකරන තිබු ගංජා හේනක් වටලන ලදී.

කැලෑබද ප්‍රදේශයක අක්කරයක පමණ භූමි ප්‍රමාණයක රහසිගත ලෙස වගාකර තිබූ මෙම ගංජා හේනේ වටිනාකම රුපියල් ලක්‍ෂ 30 ක් පමණ වන අතර ගෝනගන් ආර පොලිසියේ නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් වගාකර තිබු සියලුම පැල ගිනිතබා විනාශ කරන ලදී.

121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.යූ.එන් සේරසිංහ ලබාදුන් උපදෙස් මත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවිණි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාන්විතයට සමගාමීව දියත් කරනු ලබන මෙහෙයුම් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.