Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2022 15:00:57 Hours

ඓතිහාසික දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරේ

අම්පාර ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් ඉරිදා (06) දින උදෑසන පැවැත්විණි.

සම්බෝධි විහාරයේ හිටපු විහාරාධිපති මෙන්ම බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ නිර්මාතෘ අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ 4 වැනි ගුණානුස්මරණ උළෙලට සමගාමීව මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය දීඝවාපි චෛත්‍යරාජ්‍යාණන් වහන්සේගේ තැන්පත් කිරීම සඳහා වර්ණවත් පෙරහැරකින් දීඝවාපි පුදබිම වෙත වැඩම කරවන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දීඝවාපි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මහා සංඝරත්නයේ අනුශාසකත්වය සහ ආරක්‍ෂක ලේකම් මෙන්ම නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ අධීක්‍ෂණය මත සිදුකරනු ලබයි.

මෙම අවස්ථාවට වැඩමවා වදාල තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දවිමල හිමිපාණන් සහ මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සහ පුද පූජා සිදුකල අතර වැඩමවා වදාල භික්‍ෂුන් වහන්සේලා කිහිපනමක් අනුශාසනා ද සිදු කළහ.