04th March 2022 16:50:32 Hours
විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්‍ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සබැඳිව පැනනැගී ඇති ගැටළු නිරාකරණය කිරීමට සහ ඒ සඳහා හැකි උපරිම අයුරින් සහන සැලසීමේ අරමුණින් දිවයින පුරා පිහිටුවා ඇති රණවිරු සංසදයේ පොළොන්නරුව දිස්ත්‍රික් මහසභා රැස්වීම පසුගිය ඉරිදා (27) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්‍ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් හැකි අයුරින් සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මීට මාස කීපයකට ප්‍රථම මෙම රණවිරු සංසදය ස්ථාපිත කරන ලදි.
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම රැස්වීම සඳහා තමන්කඩුව, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ඇළහැර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ නියෝජනය කරමින් සාමාජිකයින් සහභාගී වූ අතර එහිදී, 2022 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා ලදී. මෙම රැස්වීම සඳහා සහභාගී වූ සියලු සාමාජිකයින් හමුවේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවුඩය වීඩියෝ පටයක් ආධාරයෙන් ඉදිරිපත් කරන ලදී.