Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2022 18:50:32 Hours

‘Army Commander's Challenge Trophy – 2022’ පාපන්දු තරඟාවලිය උතුරු ප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරන ලද ‘Army Commander's Challenge Trophy – 2022’ පාපන්දු තරඟාවලිය උතුරු ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩකයින් 260 දෙනෙකුගෙන් සමන්විත පාපන්දු කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් ජනවාරි මස 22 දින ආරම්භ වූ අතර එම තරඟාවලියේ අවසන් පූර්ව තරඟයන් පෙබරවාරි මස 27 දින කිලිනොච්චි මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරඟාවලියේ, අවසන් මහා තරඟය සඳහා කිලිනොච්චිය ශාන්ත මරියා කණ්ඩායම සහ කිලිනොච්චිය උදයසූරිය කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එම තරඟය නුදුරේදී පැවැත්වීමට නියමිතව ඇත.

උතුරු ප්‍රදේශය තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට මෙන්ම හමුදාවන් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය හා සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

කිලිනොච්චි මහජන ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟාවලියේ අවසන් පූර්ව තරඟය නැරඹීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 57,59,64 සහ 66 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයන් සහ ක්‍රීඩා ලෝලීන් රැසක් පැමිණ සිටියහ.