28th February 2022 19:39:39 Hours
එක්සත් ජනපදයේ ටෙක්සාස්, ලූබොක් ප්‍රදේශයේ පිහිටි ටෙක්සාස් ටෙක් ක්‍රීඩා කාර්යසාධන මධ්‍යස්ථානයේදී පෙබරවාරි මස 25 සහ 26 දෙදින තුල පැවති ගෘහස්ථ Lone Star Conference තරඟාවලියේ ගෘහස්ථ උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එච්.ටී.යූ.ටී. පෙරේරා ඔහුගේම වාර්තාවක් බිඳදමමින් එම ඉසව්වෙන් ජයග්‍රහණය කරනු ලැබීය.
ඔහු විසින් මීට පෙර වාර්තා තබන ලද මීටර් 2.26 ක වාර්තාව නැවත අලුත් කරමින් එම ඉසව්වේ මීටර් 2.27 ක නව වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
Lone Star Conference යනු ජාතික විද්‍යාලීය මළල ක්‍රීඩා සංගමය අනුබද්ධව සංවිධානය කරනු ලබන II වන කාණ්ඩයේ ක්‍රීඩා සම්මන්ත්‍රණයකි. එහි සාමාජික ආයතන එක්සත් රාජධානියේ නිරිතදිග කලාපයේ පිහිටා ඇති අතර ටෙක්සාස්, ඔක්ලහොමා, නව මෙක්සිකෝව සහ අර්කන්සාස් ප්‍රදේශයන්හී පිහිටි විද්‍යාල මෙහි සාමාජිකත්වය දරති.