28th February 2022 19:42:14 Hours
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ලෙබනනය වෙත පිටත්ව යන යුද්ධ හමුදා කණ්ඩයේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ නිලධාරින් 2 දෙනෙකු සහ සෙසුනිලයන් 48 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම පසුගිය ඉරිදා (27) දින සුබපැතුම් මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව ගියේය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව යන යුද්ධ හමුදා භටපිරිස් වෙත සුබපැතුම් පිරිනැමීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණියේය.
ලෙබනනයේ, නැකෝරා (Naqoura, Lebanon) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයට සහ ප්‍රභූවරුන්ට ආරක්‍ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ බලකා ආරක්‍ෂක කණ්ඩය මහඟු කාර්යභාරයක නිරතව සිටියි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් ප්‍රථම වරට සහභාගී වන ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායම එක් කාන්තා නිලධාරිනියක් ඇතුළු නිලධාරින් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 115 දෙනෙකුගෙන් සමන්විත වේ.
මෙවර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත් වන කණ්ඩායම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාම අදියර දෙකක් යටතේ සිදුකෙරේ.
නිලධාරින් 8 දෙනෙකු සහ සෙසුනිලයන් 67 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පෙබරවාරි මස 5 දින සාමසාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ. එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී පැවති විශේෂ පෙළපාලියක දී නිල වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකළහ.