Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2022 17:00:26 Hours

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

ආසියානු මධ්‍යම කලාප වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරඟාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම පෙබරවාරි මස 18 සිට 20 දින දක්වා මීගමුව වෙරළ තීරයේ පැවති වෙරළ වොලිබෝල් තරඟාවලියේදී අනුශූරතාව දිනාගන්නා ලදී.

දින තුනක් පුරාවට පැවති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු මධ්‍යම ආසියාතික රටවල් පහක් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් 9 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟවැදුණු අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම මූලික වටයේදී ඉරානය, පාකිස්තානය, මාලදිවයින සහ උස්බෙකිස්තානය යන රටවල්වල ජාතික කණ්ඩායම් සමඟ තරඟවැදී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉරාන කණ්ඩායම සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් මහා තරඟයේදී, ඉරාන කණ්ඩායම සමඟ පැවැති තියුණු තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම අනුශූරතාව දිනාගැනීමට සමත්වූහ.

මෙම තරඟාවලිය සඳහා 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එස්.එස්.එම්. ප්‍රනාන්දු සහ සාමාන්‍ය සෙබල එම්.එච්.ඒ.එස්. ධර්මපාල යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූහ.

මෙම තරඟාවලියේ අවසන් තරඟය සියැසින් දැකබලාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම තරඟාවලිය පැවැත්වීමට ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් වෙත අවශ්‍ය උපදෙස් මෙන්ම යුද්ධ හමුදා වෙරළ වොලිබෝල් ක්‍රීඩකයින් සඳහා අවැසි සියලුම දිරිගැන්වීම් සහ පහසුකම් ද සලසන ලදී.