Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2022 10:54:54 Hours

කරාටේ ප්‍රිමියර් ලීග් - 2022 තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

කරාටේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ කරාටේ ප්‍රිමියර් ලීග් - 2022 තරඟාවලිය බණ්ඩාරගම ක්‍රීඩාගාරයේදී පසුගිය සෙනසුරාදා (26) දින පැවැති අතර එම තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාටේ කණ්ඩායම කුසලානය හිමිකරගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගත්හ. ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය විසින් දිවයින පුරා සිටින කරාටේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රථම කරාටේ තරඟාවලිය මෙම තරඟාවලියයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් කණ්ඩායම් ඇතුළු දිවයින පුරා කරාටේ කණ්ඩායම් 16 ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාටේ කණ්ඩායම නියෝජනය කරමින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් ආර්.එම්.ඩී.එල්. වීරසිංහ, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් කේ.ඩී. බණ්ඩාරිගොඩගේ, 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.එස්. ෆොන්සේකා සහ එෆ්.එච්.කේ.එල්. සිල්වා සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එස්.වී. ඩයස් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ.

මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයාබලා ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම් සිදුකළේය.