27th February 2022 18:56:33 Hours
64 වන සේනාංකය යටතේ ස්ථාපිත 643 වන බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස එම බලසේනාවේ භටපිරිස් විසින් තද්දියමලෙයි ග්‍රාම නිලධාරි වසමේ පෙරියසාම්බලන් ගම්මානයේ පිහිටි ‘ජනා’ පෙර පාසලේ ළමුන් සහ ගුරුවරුන් 14 දෙනෙකු වෙත දිවා ආහාරය පිරිනැමීමේ ව්‍යාපෘතියක් පසුගිය අඟහරුවාදා (22) දින ක්‍රියාත්මක කරන ලදී.
643 වන බලසේනාව යටතේ ස්ථාපිත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී විසින් මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී. එම පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් විය.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීම සඳහා අවැසි මාර්ගෝපදේශයන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් සහ 643 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිරාල් ද සිල්වා විසින් ලබාදුන්හ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු සිය සහයෝගය දැක්වූහ.