27th February 2022 19:00:04 Hours
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ලබාදුන් උපදෙස් හා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව ගේ මෙහෙයවීමෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි.
මෙම සැසිවාරය සඳහා මිනිපේ ප්‍රාදේශීය ලේකම්, ගොවිජන නිලධාරීන්, 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ අණදෙන නිලධාරි කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස සහ මිනිපේ ප්‍රදේශයේ පදිංචි ගොවීන් 100 ක් පමණ සහභාගී වූහ. එහිදී කාබනික පොහොර නිෂ්පාදනය, බෙදා හැරීම සහ එම කාබනික පොහොර භාවිතා කිරීම සබැඳිව සාකච්ඡා කරන ලදී.