Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 19:27:18 Hours

66 වන සේනාංකයේ වොලිබෝල් සහ ස්කොෂ් තරඟාවලීන් පැවැත්වේ

පසුගිය සති දෙකක කාලය තුල සේනාංක සහ බලසේනා මට්ටමින් ස්කොෂ් සහ වොලිබෝල් තරඟාවලි පැවැත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවැත්වෙන ස්කොෂ් සහ වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය 2022 පෙබරවාරි මස 19 දින පැවැත්විණි.

අන්තර් සේනාංක ස්කොෂ් තරගාවලියේ අවසන් තරගය 64 වන සේනාංකය සහ 66 වන සේනාංක තරඟකරුවන් අතර පැවැත්වුණු අතර එම තරඟයේ ශූරතාවය 66 වන සේනාංක තරඟකරුවන් හිමිකරගත්හ. 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් විසින් අන්තර් සේනාංක ස්කොෂ් තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ අනුශූරයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් භටපිරිස් වෙත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ සුරතින් පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මේ අතර, අන්තර් සේනාංක ස්කොෂ් තරගාවලියේ අවසන් මහා තරගය 64 වන සේනාංකය සහ 66 වන සේනාංකය අතර පැවැති අතර එම තරඟාවලියේ ශූරතාවය 66 වැනි සේනාංක කණ්ඩායම විසින් හිමිකරගත්හ.

මෙම තරඟාවලි දෙකෙහිම සංවිධාන කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් විසින් සිදුකරනු ලැබූ අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී වූවේය.

අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම පන්දු සකසන්නා සඳහා වූ කුසලානය 66 වන සේනාංකයේ සැරයන් එම්. ජයසිංහ විසින් හිමිකරගත් අතර අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ප්‍රහාරකයා හිමි කුසලානය 66 වන සේනාංකයේ ලාන්ස් කෝප්‍රල් එස්. නිලංක විසින් දිනාගන්නා ලදී.

අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 66 වන සේනාංකයේ සාමාන්‍ය සෙබල එච්.ඒ.එස්.එස්.පෙරේරා කුසලාන දිනාගත්තේය. අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ ශූරතා කුසලානය 66 වන සේනාංකයේ වොලිබෝල් කණ්ඩායමේ නායක සැරයන් කිව්. ජයසිංහ වෙත ප්‍රදානය කරන ලදී.