Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 19:34:30 Hours

23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මුලිකත්වයෙන් පාසල් සිසුවියකට නව නිවසක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, විදේශගතව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව අම්පකාමන්, මනාවලපද්දමුරිප්පු ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට පෙබරවාරි මස 19 වන දින මුල්ගල තැබීය.

ආර්ථික අපහසුතා මධ්‍යයේ කරිපඩ්ඩිමුරිප්පු දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ පාසල් සිසුවියක් පිළිබඳ එම පාසලේ විදුහල්පතිතුමන් විසින් පරිත්‍යාගශිලී මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) වෙත දැනුම්දීමෙන් අනතුරුව ‘මානව හිතවාදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ සිවිල් වැසියන් වෙනුවෙන් සිදුකරනු ලබන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් මෙම සිසුවිය වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ සුරතින් නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේය. සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.