Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2022 15:40:54 Hours

කතෝලික දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වු බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්

ඉරණෙයිපාකුලම් තච්චනමරදමඩු ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද කතෝලික දේවස්ථානය විවෘත කිරීමේ උත්සවය ඉකුත් ඉරිදා (20) දින පැවති අතර එම අවස්ථාවට සහභාගි වු බැතිමතුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනාවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

ඉරණෙයිපාකුලම් ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ පියතුමන්ලා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථාන පරිශ්‍රයට පැමිණි බැතිමතුන්ට යුද්ධ හමුදා බස්රථ දෙකක් මගින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙලෙස සලසාදෙන ලදි.

මෙම ප්‍රවාහන පහසුකම් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නාමල් සේරසිංහ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදුන්හ.

653 වන බලසේනාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම අවස්ථාවට සහභාගි වු බැතිමතුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයාදෙනු ලැබීය.