25th February 2022 20:40:28 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 -2025’ ට සමගාමීව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින්ගේ වෘත්තීය හැකියාවන් සහ දැනුම වැඩිදියුණු කිරීමට ඇති හැකියාව ගවේෂණය කිරීමේ අරමුණින් ‘සන්නාහ සන්නද්ධ බලකා සම්මන්ත්‍රණය - 2022’ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 21 සහ 22 දෙදින පුරා මෝදර පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රොක් හවුස් කඳවුරේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු මෙම සම්මන්ත්‍රණයේදී ‘ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අනාගත අභිවෘද්ධිය හා අපේක්‍ෂාවන්’ සහ ‘නිලධාරින්ගේ සම්ප්‍රදායන් පවත්වාගෙන යාම’ පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සන්නාහ සන්නද්ධ බලසේනාවේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එම්.එච්. ගුණරත්න (විශ්‍රාමික) සහභාගි වු අතර ප්‍රධාන දේශනය මේජර් ජෙනරල් එන්.ඒ. රණසිංහ (විශ්‍රාමික) විසින් පවත්වන ලදී. ‘ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අනාගත අභිවෘද්ධිය හා අපේක්‍ෂාවන්’ යන තේමාව ඔස්සේ කර්නල් රසික ගුණසේන ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණයේ පළමු දිනයේ දේශනයක් පැවැත්වු අතර ‘ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි සාම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන තර්ජන සඳහා සන්නාහ සන්නද්ධ බලකායේ කාර්යභාර්ය’, ‘ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී සන්නාහ සන්නද්ධ බලකායේ මෙහෙයුම් සහ අත්දැකීම්’ සහ ‘ශ්‍රී ලංකාවේ අනාගත සන්දර්භය තුළ සන්නාහ සන්නද්ධ බලකායේ තිරසාරභාවය සහ පැවැත්ම’ යන තේමාවන් ඔස්සේ ද දේශන සැසිවාරයන් පැවැත්විණි. මෙම දේශන සැසි හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ජගත් ජයසුරිය (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ සහ කර්නල් ඇන්ටන් විජේසේකර විසින් සිදුකළහ.
‘නිලධාරින්ගේ සම්ප්‍රදායන් පවත්වාගෙන යාම’ යන තේමාව ඔසේසේ කර්නල් කමින්ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණයේ දෙවන දිනයේ දේශනයක් පැවැත්වු අතර ‘හමුදා සම්ප්‍රදායේ වැදගත්කම’, ‘නැගී එන අභියෝග හමුවේ වෘත්තීය සොල්දාදුවන්ගේ රෙජිමේන්තුවට අවේනික වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම’ සහ ‘වත්මන් සන්දර්භය තුළ හමුදා නායකයෙකුගේ නායකත්ව ගුණාංග’ යන තේමාවන් ඔස්සේ ද දේශන සැසිවාරයන් පැවැත්විණි. මෙම දේශන සැසි මේජර් ජෙනරල් ජි.ඒ. චන්ද්‍රසිරි (විශ්‍රාමික), බ්‍රිගේඩියර් ආර්.එම්. ජයසිංහ (විශ්‍රාමික) සහ බ්‍රිගේඩියර් සී.එස්.එන්.බී. මුදන්නායක (විශ්‍රාමික) විසින් පැවැත්වු අතර දේශන සැසි අවසනයේ සහභාගි වූ විද්වතුන් විසින් ඒ පිළිබඳ ඔවුන්ගේ නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී.
මෙම සම්මන්ත්‍රණය අතරතුරදී පැවති සාකච්ඡා සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ වූහ. මෙම සම්මන්ත්‍රණය අවසානයේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක විසින් සම්මන්ත්‍රණය සඳහා සහභාගි වු ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ආරාධිත දේශකයින් ඒ සඳහා ලබාදුන් දායකත්වය අගය කරමින් සමරුතිළිණ ද ප්‍රදානය කළහ.