24th February 2022 15:40:55 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බදාදා (23) දින සිදුකල ධාපැදි මුර සංචාරයක් අතරතුර සෙබලෙකු විසින් වැල්වැටතුරෙයි රෝහල ආසන්නයේ වැටිතිබි සොයාගත් මුදල් පසුම්බිය සිය මානුෂීයත්වය පිළිඹිබු කරමින් කඩිනමින් හිමිකරු වෙත භාරදීමට කටයුතු කළේය.
වැල්වැටිතුරේ ඉත්තියඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජා මහතාට අයත් ATM බැංකු කාඩ්පත් දෙකක්, රියදුරු බලපත්‍රයක් සහ රක්‍ෂණ කාඩ්පතක් ඇතුළු රුපියල් 24,955/= ක මුදලක් තිබු මෙම මුදල් පසුම්බිය පිළිබඳ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන සහ 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වෙත දැනුම්දීමෙන් පසු ලබාදුන් උපදෙස් මත මුර සංචාරයේ යෙදී සිටි 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් කේ.ඒ.ජේ. දිසානායක විසින් මුදල් පසුම්බියේ හිමිකරු පිළිබඳ ලඟම ඇති පොලිස් ස්ථානයෙන් තොරතුරු සොයාගත්තේය.
ඉන් අනතුරුව ඒ පිළිබඳ මුදල් පසුම්බියේ හිමිකරු වෙත දැනුම්දීමෙන් අනතුරුව වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරින් ඉදිරිපිට සියලු ලියකියවිලි සහිතව මුදල් පසුම්බිය එහි හිමිකරු වෙත භාරදුන්නේය.
එහිදි, ප්‍රදේශයේ සිවිල් වැසියෙකු කෙරෙහි දක්වන ලද සැලකිල්ල පිළිබඳ සිය ස්තූතිය පුද කළ මුදල් පසුම්බියේ හිමිකරු යුද්ධ හමුදා භටපිරිස්හි සත්ගුණවත් ක්‍රියාව පැසසුමට ලක් කළේය.