22nd February 2022 15:00:38 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකුගේ විසරයාමේ උත්සවය අවසානයේදි, කමාන්ඩෝ සෙබළුන් ඔවුන්ගේ කමාන්ඩෝ යුධ පුහුණු හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කරමින් විශේෂ සජිවි සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ.
ඔවුන් සතු ජව සම්පන්නභාවය, උපායමාර්ගික කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මනාව පිළිඹිබු කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්ක ගත කිරීම, ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම, විශේෂ පුද්ගලයින්ට ආරක්‍ෂාව සැපයීමේ සංදර්ශන, ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, වෙඩි තැබීමේ සංදර්ශන, සුනඛ සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසක් ඉදිරිපත් කරමින් මෙම අවස්ථාවට සහභාගිවුවන් විනෝදසාවාදයට පත් කළහ.
සජීවී සුනඛ සංදර්ශනය සහ අඩි 10,000 ක ඉහළ අහසේ සිට නිදහස් ආර පැරෂුට් පැනීම විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා පැමිණ සිටි සියලුදෙනාගේ සුවිශේෂි ආකර්ෂණයක් දිනාගත්හ. මෙම අවස්ථාවට පැමිණ සිටි සියලුදෙනාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ කමාන්ඩෝ භටයින් ඔවුන්ගේ පුහුණු සුනඛයින් සමඟ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. මෙම සංදර්ශනය අවසානය සනිටුහන් කරමින් කමාන්ඩෝ භටයින් විසින් ඉදිරිපත් කල පැරෂුට් සංදර්ශනය පැමිණ සිටි සියලුදෙනා විශ්මයට පත් කිරීමට සමත්විය.