26th February 2022 18:00:28 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරි මංසන්දියේ සිට යුද්ධ හමුදා මුලස්ථානය දක්වා ප්‍රවිශ්ට වන මාර්ගය දෙපස ඇවිදීමේ මංතීරු, ළමා උද්‍යාන සහ පුරන් වු කුඹුර යළි අස්වද්දමින් සිදුකල ව්‍යාපෘතින්ට තවත් උත්තේජයක් ලබාදෙමින් එම ප්‍රදේශයේ පරිසර හිතකාමි තෙත්බිම්වල අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත්, අපද්‍රව්‍යවලින් වහනය වන ගන්දය නැති කිරීමටත්, ජලජ ජීවීන්ට සහ ජලජ පක්‍ෂින්ට යෝග්‍ය වාසස්ථාන සලසා දීමටත් හැකි පරිසර හිතකාමි ජලජ ශාක වගාවන් 200 ක් ඉකුත් අඟහරුවාදා (22) දින ජලයට මුදාහරින ලදී.
මීට වසර දෙකකට පමණ පෙරාතුව, යුද්ධ හමුදා මුලස්ථානයට ප්‍රවිශ්ට වන මාර්ග දෙපස රුක් රෝපණය කර ඇවිදින මංතීරු ඉදිකර පුරන් වු කුඹුරු අස්වද්දා එම ප්‍රදේශය අලංකාරවත් කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ජලජ ශාක වගා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ ආරාධනයකට අනුව සහභාගි විය.
සොභාදහමට හිතකාමී වන අයුරින් ජල දුෂණය අවම කිරීමේ සහ පරිසර අලංකරණය සඳහා විසඳුමක් ලෙස සිදුකරන ලද අත්හදා බැලීමක් වශයෙන් කීර්තිමත් පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය ලබාදුන් උපදෙස් මත PVC පයිප්ප, උණ බම්බු සහ ෆෝම් මෙට්ට භාවිතා කරමින් අවම පිරිවැයකින් කැනස්, සැවැන්දරා සහ හෙලිකෝනියා (Heliconia) වැනි ශාක සාර්ථක ලෙස වගාකර ජලයේ පාවෙන පරිදි ජලජ ශාක වගාවන් ඇති කිරීම තුළින් ජලයේ ඇති අතිරික්ත පෝෂක අවශෝෂණය කර මදුරු උවදුර පාලනය කිරීමට ද හැකිවනු ඇත.
මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් මත 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වින්දන කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජලය මතුපිට ස්ථානගත කරන ලදී.
‘පරිසර හිතකාමි පාවෙන ජලජ ශාක වගාවන්’ දියත් කිරීමේ ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට පෙර අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බේරේ වැවේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම මත ක්‍රියාවට නැංවිණි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ අවස්ථාවට පරිසරවේදී ඉංජිනේරු රනෝෂි සිරිපාල මහත්මිය, පරිසර විද්‍යාඥ ඉසුරි ධර්මසෝම මහත්මිය, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු බී.ඩි.සි. කුමාර, ඉංජිනේරු සහකාර හිරන්ත ද සිල්වා, සම්පත් දහනායක (අධීක්‍ෂණ නිලධාරි), යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසුරිය, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.