Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2022 05:53:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක රාජකාරි අරඹයි

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ නව නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිහාල් සමරවික්‍රම ඉකුත් සඳුදා (21) දින එම මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙලපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පැවති මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් සමරවික්‍රම එම ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. ඉන් අනතුරුව එතුමන් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූවේය.

නව ධුරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.