20th February 2022 18:16:31 Hours
කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකාය විසින් පුරා මාසයකට අධික කාලයක් පවත්වනු ලැබු මුලික කෘෂිකර්ම පාඨමාලා අංක - 02 පෙබරවාරි මස 18 වන දින අවසන් වු අතර පාඨමාලාවේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බන්දුල ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු සහ කාන්තා සෙබලියන් 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කර ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සහතිකපත් ලබා ගත්හ.
පාඨමාලා විෂය මාලාවට කාබනික ගොවිතැන, බෝග වගාව, ආහාර සංරක්‍ෂණය, යන්ත්‍රෝපකරණ භාවිතය, සත්ව පාලනය සහ සත්ව ආහාර නිෂ්පාදන යනාදී ක්‍රියාවලි ඇතුළත් විය.
පාඨමාලාවට සහභාගිවුවන්ගේ දක්‍ෂතා තවදුරටත් ප්‍රවර්ධනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් කිරීම් තරඟාවලියක් ද පැවැත්විණි. ඒ අනුව, පාඨමාලාව අවසානයේ කණ්ඩායම් පහක් තරගාවලියට සහභාගි වූහ. මෙම තරඟාවලිය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඒ.එන්.ඩි. ජයසුන්දර ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.
ජයග්‍රාහකයින් පහත සඳහන් පරිදි වේ.
පළමු ස්ථානය - කාන්තා සෙබල ටි.එම්.ඒ.එම්. තෙන්නකෝන්
දෙවන ස්ථානය - කාන්තා සෙබල ටී.එම්.ටී.එස්. පීරිස්
තෙවන ස්ථානය - කාන්තා සෙබල ආර්.එම්.එම්.එම්. රාජකරුණා
හොඳම ඉදිරිපත් කිරීම් කණ්ඩායම
දෙවන ලුතිනන් ආර්.ඩි.ඒ. මධුභාෂිනි
කාන්තා සෙබල එච්.පී.වයි. සංජිවනි
කාන්තා සෙබල ඩබ්ලිව්.එච්.එස්. ධර්මකිර්තී
කාන්තා සෙබල එස්.ඒ.ඩි. මෙන්ඩිස්
කාන්තා සෙබල බි.සී.එච්. ශාන්ත
කාන්තා සෙබල ඩි.ඩි.ඩි. විජේසුරිය