Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2022 18:16:30 Hours

මුලතිව් හිදී පැවති අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය අවසන්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ පැවැති අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය - 2022 හි අවසන් මහා තරඟය ඉකුත් සඳුදා (14) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පැසිපන්දු පිටියේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගි විය.

අවසන් මහා තරඟයේදී තියුණු සටනකින් පසු තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 64 වන සේනාංක ක්‍රීඩකයින් සමත්විය. මෙවර තරඟාවලියේ අනුශූරතාවය 68 වන සේනාංක කණ්ඩායමට හිමිවිය. තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් බී.එම්.ඒ පුෂ්පකුරමාර සම්මාන හිමිකරගත්තේය.

මෙවර තරඟාවලිය 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.

ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්වූහ.