18th February 2022 18:53:20 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මීට මාස කිහිපයකට පෙර කාබනික පොහොර යොදාගනිමින් අස්වැද්දු කුඹුරු අක්කර දෙකක සරුසාර අස්වැන්න පසුගියදා නෙලාගත්හ.
පූරාණ චාරිත්‍රානුකූලව ‘රන් අස්වනු නෙලීම’ ඉකුත් බදාදා (16) දින සිදු කෙරිණි. 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි වීරකෝන්, 643 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිරාල් ද සිල්වා, 64 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම මුලතිව් ප්‍රදේශයේ ගොවිජන සේවා නිලධාරීන් ද එම අවස්ථාවට එක්වූහ.