Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2022 18:56:02 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් පාසල් නේවාසිකාගාරයක් ප්‍රතිසංස්කරණය කෙරේ

අතිගරු ජනාධිපතිතුමාගේ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන අතරතුරදී රජය විසින් ක්‍රියාවට නැංවු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ලබාදුන් උපදෙස් පරිදි හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද්ධ හමුදාව විසින් මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රාජ්‍ය අමාත්‍යාංශය විසින් වෙන් කරන ලද අරමුදල් යොදාගෙන 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 2021 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලදී.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ලබාදුන් උපදෙස් මත ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරනු ලබයි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය සහ මහා මාර්ග අලුත්වැඩියා කිරීම වැනි ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති රාශියක් මේ වනවිට සිදුකරනු ලබයි.