Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2022 09:32:41 Hours

අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡාවක්

පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හී කාබනික පොහොර නිෂ්පාදන සමාගම් 10 ක් සමඟ සඳුදා (14) දින හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ජාතික පොහොර නිෂ්පාදන ආයතනයේ ලේකම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බලධාරින් සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදී, ඉදිරි යල කන්නය සඳහා ගොවීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව පොහොර තොග ලබාදීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාව හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තවද, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජානක ජයසුන්දර මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ චන්දන ලොකුහේවගේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා, අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කේ.එල්. තේනුවර මහත්මිය, පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්.පී. උපාලි මහතා, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හී යුද්ධ හමුදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්, සශ්‍රීක ලංකා, SMS Eco Products, Sri Bio Tech, Eco Bio Korea, Biotin, Bio National Foods, Lucky Agro, Live Life, Agstar Private Limited සහ SS Supply Corps යන පුද්ගලික අංශයේ සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් මෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිලධාරින් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික්ක දෙකෙහිම සිදුකරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු, බෙදාහැරීමේ කටයුතු සහ යුද්ධ හමුදා සම්බන්ධීකරණ ක්‍රියාවලීන් පිළිබඳ එම පුද්ගලික අංශයේ නිෂ්පාදකයින් හමුවේ සමාලෝචනයට හා සාකච්ඡාවට ගනු ලැබූ අතර ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබාදෙන ලදී.

සාකච්ඡාව අතරතුර, හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය ‘මහ’ කන්නයේ ඇති වූ අඩුපාඩු මඟහරවාගෙන යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර තොග නියමිත වේලාවට ප්‍රමිතීන්ට අනුව ගොවි ජනතාව වෙත ලබාදෙන මෙන් පොහොර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරුන්, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල යුද්ධ හමුදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් සහ තවත් බලධාරීන් කිහිපදෙනෙක් ද සහභාගී වූහ.