08th February 2022 18:30:32 Hours
ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ඉඩම් දේපළ හා භඨනිවාස ධූරයේ රාජකාරි හොබවමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වූ කර්නල් ලංකා ප්‍රනාන්දු වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සෙනසුරාදා (12) දින සන්ධ්‍යාවේ කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේ පිහිටි අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිවස වෙත ගියේය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ලංකා ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුගිය බදාදා (09) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු සෙනසුරාදා (12) දින සන්ධ්‍යාවේ කෑගල්ල, මොලගොඩ සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි. එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පවුලේ සාමාජිකයින් සහ තවත් ශෝකයට පත් පිරිසක් ද සහභාගී වූහ.
කර්නල් ලංකා ප්‍රනාන්දු ගේ නිවසින් සිය දේහය රැගෙන යාමට පැයකට පමණ පෙර එතුමන්ගේ නිවසට පැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ නිසල දේහයට පුෂ්පෝපහාර පුදකර අවසන් ගෞරව දැක්විය.
අභාවප්‍රාප්ත කර්නල් ලංකා ප්‍රනාන්දු ගේ වියෝව පිළිබඳ අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ භාර්යාව වන ලංකා ප්‍රනාන්දු මහත්මිය, දරුවන් සහ ශෝකයට පත් පවුලේ සාමාජිකයින් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන ලදි. එමෙන්ම, කර්නල් ලංකා ප්‍රනාන්දු ගේ පවුලේ සාමාජිකයන්ගේ අනාගත කටයුතු වෙනුවෙන් හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී ඔවුන් වෙත පැවසීය.