Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2022 19:00:32 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති එම රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් ඉරිදා (06) දින කුරුණැගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචරයක නිරත විය. මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රථම සංචාරය මෙය වීමද විශේෂත්වයකි.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශේන් ගුණවර්ධන විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව එතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ. පසුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන ආචාර මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අමතමින්, ඉදිරියේදීත් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙස ඔවුන් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා පවතින සෞඛාරක්‍ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.