04th February 2022 13:04:25 Hours
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අනුමැතිය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලයට උසස්වීම් ලබාදෙන ලදී.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයට, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනැමීම සිදුකරනු ලැබීය.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු මස 18 දින යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම් ලැබීමෙන් පසු කෙටි කාලයක් තුළ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසකට ඔවුනගේ මීලඟ නිලයට උසස්වීම් ලබාදීම ඉතා සුවිශේෂීත්වයකි.
වසර 73 ක යුද්ධ හමුදා ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස වර්ෂ 2019 අගෝස්තු මස 18 දින සිට මේ දක්වා යුද්ධ හමුදා නිලධාරින් 4341 දෙනෙක් සහ සෙසුනිලයින් 86741 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී ඇත.