Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 07:30:31 Hours

දිවයින පුරා ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහනට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස්වල අඛණ්ඩ දායකත්වය

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට අඛණ්ඩව දායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සිවිල් වැසියන් සඳහා තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් ඉකුත් සඳුදා (31) දින ආරම්භ කරන ලදී.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘එන්නත්කරණ සතිය’ වැඩසටහන සඳහා පූර්ණ සහයෝගය ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් තෙවන මාත්‍රාව ලබාදීමේ ජංගම එන්නත්කරණ වැඩසටහන් ද දිවයින පුරා ආරම්භ කරන ලදී.

කොවිඩ්-19 වෛරසයේ පළමු අදියරේ ආරම්භයත් සමඟ පසුගිය වසරේ යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් රට පුරා වෙසෙන සිවිල් වැසියන් වෙනුවෙන් කඩිනමින් එන්නත් ලබාදීම සඳහා එන්නත්කරණ මධ්‍යස්ථාන සහ ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කළ අතර එම වගකීම කඩිනමින් සහ ක්‍රමානුකූලව නිම කිරීමට සමත් වූ යුද්ධ හමුදා භට පිරිස් සියලු අංශවල පැසසුමට ද ලක් විය.