31st January 2022 21:08:07 Hours
කිලිනොච්චි යුද්ධ හමුදා රෝහල සහ 1 වන බලකා මූලස්ථානය එක්ව සිදුකරනු ලබන තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චිය වීදියල් සහ වානවිල් ප්‍රදේශවල පිහිටි මාස් ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හී සේවකයින් වෙත කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ලබාදෙනු ලබන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (29) දින පවත්වනු ලැබිණි.
මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහනේදී එන්නත් මාත්‍රාවන් දෙකක් ලබාගෙන සිටි සිවිල් වැසියන් සඳහා එන්නත්කරණය කරන ලදි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් 1 වන බලකා මූලස්ථානයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී, කර්මාන්ත ශාලා සේවකයින් 600 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකළහ.
පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරන ලදී.