31st January 2022 20:51:52 Hours
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘එන්නත්කරණ සතිය’ වැඩසටහනට සමගාමීව කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන බලකායේ භටපිරිස් විසින් 58 වන සේනාංකය, 581 වන බලසේනාව, 582 වන බලසේනාව සහ 583 වන බලසේනා බලප්‍රදේශයන්හී වෙසෙන සිවිල් වැසියන් වෙනුවෙන් එන්නත්කරණ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (29) දින පවත්වනු ලැබිණි.
ඒ අනුව, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සම්බන්ධීකරණය මත 58 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි නවගත්තේගම ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබු එන්නත්කරණ මධ්‍යස්ථානයේදී සිවිල් වැසියන් 841 දෙනෙකු වෙත එන්නත්කරණය සිදුකරන ලදී. එමෙන්ම, 581 වන බලසේනාවේ භටපිරිස් විසින් කොටගල ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී පුද්ගලයින් 137 දෙනෙකුටත්, 582 වන බලසේනාවේ භටපිරිස් හොරණ ප්‍රදේශයේදී පුද්ගලයින් 179 දෙනෙකුටත් එන්නත්කරණය සිදුකළහ.
තවද, වාද්දුව ප්‍රදේශයේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පුද්ගලයින් 571 දෙනෙකුටත්, 583 වන බලසේනාවේ භටපිරිස් විසින් කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයින් 366 දෙනෙකුටත් එන්නත්කරණය සිදුකරන ලදී.
මෙම එන්නත්කරණ වැඩසටහන 1 වන බලකායේ බලකාධිපතිගේ උපදෙස් හා 58 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරිණි. එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම මහජනතාව දැනුවත් කිරීම සඳහා ජංගම දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී.