Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2022 12:00:52 Hours

යුද්ධ හමුදා මල්ලවපොර ක්‍රීඩකයින් ජාතික ශූරතාවලියේ තෙවන ස්ථානය දිනාගනී

ජාතික මල්ලවපොර ශූරතාවලිය - 2021, ජනවාරි මස 22 සහ 23 දෙදින පුරා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාගාරයේදී පැවති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මල්ලවපොර කණ්ඩායම තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකරගත්හ.

යුද්ධ හමුදා මල්ලවපොර ක්‍රීඩකයින් රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට සමත් විය.

මෙවර තරඟාවලිය සඳහා නාවික හා ගුවන් හමුදා කණ්ඩායම් ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වුහ.