Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2022 11:00:52 Hours

14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සිය 25 වන සංවත්සරයට සමගාමීව ගාලු කොටුපවුර පිරිසිදු කරයි

ගාලු කොටු පවුරේ පිහිටි 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ගාල්ල මහනගර සභාවේ සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ සේවකයින් සමඟ එක්ව ඓතිහාසික වටිනාකමක් සහ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ගාලු කොටුපවුර පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ජනවාරි මස 18 වන ක්‍රියාත්මක කරන ලදී.

ගාලු කොටුව තුළ ස්ථානගත 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සිය සංවත්සරයට සමගාමීව මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කරන ලදී.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සවර්ණ බෝතොට සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ලබාදුන් උපදෙස් මත 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාවට නැංවිණි.