28th January 2022 09:00:52 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ 1980 කණ්ඩායමේ ආදී ශිෂ්‍ය සංගමයට (දමිළ මාධ්‍ය) අයත් ආදි ශිෂ්‍යයින් විසින් ලබාදුන් මුල්‍යමය අනුග්‍රාහකත්වය මත යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පසුගියදා ඉදිකරදෙන ලදී.
හිසට සෙවණක් නොමැතිව දරුවන් තිදෙනෙකු සමඟ දිවිගෙවු ආබාධිත තර්සාන් යෝගේශ්වරි මහත්මිය වෙනුවෙන් 551 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් කඩිනමින් ඉදිකරන ලද නව නිවස ඉකුත් බදාදා (26) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, අනුග්‍රාහකයින්ගේ නියෝජිත රාජේන්ද්‍රන් ත්‍යාගරාජා මහතා, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න සහ 551 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කරන ලදී.
හින්දු චාරිත්‍රවාරිත්‍රවලට අනුකූලව පැවති මෙම උත්සවය අතරතුරදී නව නිවසේ යතුර නිවාසලාභියා වෙත භාරදුන්නේය.
හිසට සෙවණක් නොමැතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු මෙම පවුලේ අසරණ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කල ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ඉල්ලීමකට අනුව මෙම නව නිවස ඉදිකරදීම සඳහා අනුග්‍රාහකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් විසින් ලබාදුන්හ.
නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් නව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වියලි සලාක පාර්සලයක් ද ප්‍රදානය කළ අතර එම පවුලේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් උපකරණ ද ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551 වන බලසේනාවේ බලසේනාධිපති, 552 වන බලසේනාවේ බලසේනාධිපති, පේදුරුතුඩුව සහකාර පොලිස් අධිකාරි, පේදුරුතුඩුව ප්‍රාදේශිය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් සහභාගි වූහ.