Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2022 23:51:14 Hours

මාලි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකා භට කණ්ඩායම “දැවැන්ත සම්පතක්” යැයි එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත පවසයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත මෙන්ම මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති එල්-ගාසිම් වේන් මහතා (Mr El-Ghassim Wane) පසුගියදා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවේදී මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි ඉටු කරනු ලබන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ රාජකාරි පැසසුමට ලක් කරමින් “මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයට දැවැන්ත සම්පතක් බවත් අභියෝගකාරී පරිසරයක සංග්‍රාමික රථ පෙළ ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකල බවත්” ටුවිටර් (Tweeter) පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයා සඳහන් කළේය.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි ඉටුකිරීම සඳහා යොදවා සිටි භටපිරිස්හි භූමිකාවන් පිළිබඳ සොයාබැලිමේ අරමුණින් ජනවාරි මස 12 දින සිට 19 දින දක්වා මාලි රාජ්‍යයේ සංචාරයක නිරත වු භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා මේජර් ජෙනරල් දම්මි හේවගේ සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් හිරෝෂ් වනිගසේකර ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මහලේකම් ජෙනරල් ඇන්ටෝනියෝ ගුටරෙස් (General António Guterres) ගේ විශේෂ නියෝජිත එල්-ගාසිම් වේන් මහතා (Mr El-Ghassim Wane) හමුවිය.

මෙම හමුවෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත එල්-ගාසිම් වේන් මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි ඉටුකරනු ලබන ශ්‍රී ලංකා භට කණ්ඩායමේ විශිෂ්ට සේවය අගය කරන බව පැවසීය.

නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත 3 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම, ගෝත්‍රික ප්‍රචණ්ඩත්වයෙන් විනාශ වූ රටක් වන මාලි රාජ්‍යයේ සංග්‍රාමික රථ පෙළ ආරක්‍ෂා කිරීමේ රාජකාරිවල නියැලී සිටිති. එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි 2017 වසරේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාලි රාජ්‍යයට සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම් පිටත් කර යවා ඇත.

එම ටුවිටර් පණිවිඩය පහතින් දැක්වේ.