Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2022 08:51:15 Hours

රාජ්‍ය ආයතන එල්ලේ තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

රාජ්‍ය අංශයේ අන්තර් ආයතන එල්ලේ තරඟාවලිය - 2022, ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු එල්ලේ කණ්ඩායම් විස්සක පමණ සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 23 දින සිට 25 දින දක්වා අම්පාර දිස්ත්‍රික් මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරඟාවලියේ අවසන් මහ තරඟයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සහ ජාඇල ප්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම සුදුසුකම් ලැබීය. කෙසේවෙතත්, තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ ක්‍රීඩකයින් සමත්විය. තරඟාවලියේ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ලාන්ස් කෝප්‍රල් කේ.කේ.ජේ කුමාර තේරිපත් විය.