Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2022 22:24:50 Hours

කන්දකාඩු ගොවිපලේ වගාකල වී අස්වනු නෙලාගනී

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙලීම ඉකුත් සඳුදා (24) දින සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩි.එල්.සී.එන්. මුත්තන්තිරිගේ ලබාදුන් උපදෙස් මත භටපිරිස් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ අක්කර 180 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු වී අස්වනු මෙලෙස නෙලාගනු ලැබීය.