Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2022 22:29:14 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද නව ආඥාපති රාජකාරි අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ ඉකුත් සඳුදා (21) දින අනුරාධපුර පිහිටි එම මුලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය. පූජ්‍ය ඇතාවැටුණුවැවේ ඥාණරතන හිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර ආශිර්වාද එක් කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

ඉන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ නව ආඥාපතිතුමන් සිය ඉදිරි සැලසුම් පිළිබඳ පැහැදිලි කළේය.